Home Hit කර්නල් ලලිත් ජයසිංහගේ දියණිය සිය පියා මියගිය තැන සොයා ඔඩ්ඩුසුඩාන් මහකැලය පීරයි...

කර්නල් ලලිත් ජයසිංහගේ දියණිය සිය පියා මියගිය තැන සොයා ඔඩ්ඩුසුඩාන් මහකැලය පීරයි – PHOTOS

2738
0

යුධ හමුදාවේ විශිෂ්ඨතම සෙබලුන් ගෙන් සමන්විත 03 වන රෙජිමේන්තු විශේෂ බලකායේ දිගු දුර විහිදුම් ‘I’ බලගණයේ (Long Range Reconnaissance Patrol – LRRP) හෙවත් මහසොහොන් බළකායේ හිටපු අණදෙන නිලධාරී ලෙස කටයුතු කරමින් විශ්මිත මෙහෙයුම් ගණනාවකට නායකත්වය ලබාදුන් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මස 26 වන දිනරට ජාතිය වෙනුවෙන් දිවි පුදකරනු ලැබුවා.

ඒ ඔඩ්ඩුසුඩාන් මහා කැලයේ දිගු දුර මෙහෙයුමකට නායකත්වය දෙමින් සිටිය අතරවාරයේ දීයි.

බොහෝ දෙනෙක් මෙම නිලධාරියාව හදුන්වන්නේ කොටි බල ප්‍රදේශයට ඇතුල් වී ත්‍රස්ත නායකයන්ට මර බිය ඇති කළ සොල්දාදුවෙක් ලෙසයි.

ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහයන් අවසන් හුස්ම හෙළූ එම ඔඩ්ඩුසුඩාන් මහා කැලය ඇතුලට ඔහුගේ පවුලේ සියල්ලන් සමඟ ගොස් ගස් රෝපණය කර අනුස්මරණය කිරීමට හමුදා නිලධාරීන් පිරිසක් ඊයේ (23) දින කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව ඔහුගේ මව, පියා, බිරිඳ සහ දියණිය සමග කැලය ඇතුලේ කිමි 2.7ක් දුරට ඇවිද ගොස් එම කටයුත්ත සිදුකර තිබෙනවා.

විශේෂ බළකා දිගුදුර විහිදුම් බලකායේ සොහොයුරන්ගේ මග පෙන්වීම හා ආරක්ෂාව මධ්‍යයේ සහ කොකාවිල්හී හතරවන බුද්ධි බලකායේ මෙහෙයවීම මධ්‍යයේ නිවැරැදිව එම ස්ථානය GPS තාක්ෂණය ඔස්සේ හඳුනා ගෙන සුදු හඳුන් , නුග, කුඹුක් හා රුක් අත්තන පැල 05ක් සිටුවා, ලලිත් ජයසිංහයන් ඇතුළු සියළු රණවිරුවන් සිහිකොට මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පවත්වා ඔවුනට ගරු බුහුමන් දක්වන්නට ද මෙම පිරිස අමතක කර නැහැ.

එය ඉතාමත් සංවේදී මොහොතක් වූ අතර එහි ගිය සියල්ලෝම මෙය සජීවීව අත්විඳගනු ලැබුවා.

එම අවස්ථාව දැක්වෙන ජායාරූප පෙළක් පහතින්.

Image may contain: 3 people, people standing and outdoor
Image may contain: 1 person, outdoor
Image may contain: 1 person, sitting and outdoor
Image may contain: one or more people, people standing, tree, grass, plant, outdoor and nature
Image may contain: one or more people, grass, outdoor and nature
Image may contain: one or more people, people standing, tree, child, outdoor and nature
Image may contain: 2 people, people smiling, people standing, plant, tree, outdoor and nature
Image may contain: one or more people, sky and outdoor
Image may contain: one or more people, people standing, tree and outdoor
Image may contain: one or more people, people standing, plant, outdoor and nature
Image may contain: one or more people, people standing, sky, grass, tree, mountain, outdoor and nature
Image may contain: one or more people, plant, tree, outdoor and nature
Image may contain: one or more people, outdoor and nature
Image may contain: 7 people, people smiling, people standing, outdoor and nature
Image may contain: 1 person, standing, tree, plant, outdoor and nature
Image may contain: one or more people, tree, outdoor, nature and water

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here