Home Hit වාර්තා ගත ජයග්‍රහණයට ලංකාව ලකුණු 137ක් පිටුපසින්

වාර්තා ගත ජයග්‍රහණයට ලංකාව ලකුණු 137ක් පිටුපසින්

447

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 2ට ලකුණු 60ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව තවත් කඩුලු 8ක් තුළ ශ්‍රී ලංකාව ලකුණු 137ක් ජයග්‍රහණය වෙනුවෙන් රැස්කළ යුතුව ඇත. ලසිත් ඇඹුල්දෙණියට පන්දුවට පහරදීමට පැමිණිය නොහැකි හෙයින් ශ්‍රී ලංකාවට සත්‍ය ලෙසම ඉතිරිව ඇත්තේ කඩුලු 7ක් පමණි.

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ලකුණු 128කට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නො සමත්වූහ. සුරංග ලක්මාල්, කසුන් රාජිත හා ධනංජයද සිල්වා එහිදී පන්දුයැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ දක්වා  දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාව පරාජය කරමන් ටෙස්ට් තරගාවලි ජයක් හිමිකරගෙන නොමැත. හෙට තරගයේ තෙවැනි දිනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here