Home Local මධූෂ් ගැන ඩුබායි පොලීසිය STFයෙන් විමසයි

මධූෂ් ගැන ඩුබායි පොලීසිය STFයෙන් විමසයි

326
0

ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ්ට එරට නීතිය අනුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබෙනු ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකා උසස් නිලධාරියෙකු සඳහන් කර සිටිනවා.

මධූෂ් මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව තවත් චෝදනා ගණනාවකට වරදකරු වී සිටින බවත් 28 වනදා හෝ ඊට පෙර තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ මධුෂ්ට ඇති චෝදනා හා ඔහු වෙනුවෙන් ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායෙන් තොරතුරු විමසූ බවද සඳහන්.

මේ අතර අත්අඩංගුවේ පසුවන අමල් පෙරේරා හා නදිමාල් පෙරේරා මත්ද්‍රව්‍ය පාවිච්චි කලේදැයි කරන ලද පරීක්‍ෂණ අනුව ඔවුනටද ඩුබායි නීතිය ක‍්‍රියාත්මක වනු ඇති බවත් ඔහු සදහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here