Home Health බෙහෙත් වලට තිත තියන්න – රටඉඳි කාලම බලන්න

බෙහෙත් වලට තිත තියන්න – රටඉඳි කාලම බලන්න

2029

රටඉඳි කියන්නේ කවුරුත් කැමති කෑමක් වගේම රසවත් පළතුරක්.

නොදන්නා ගුණ රැසක් මේ රට ඉඳිවල තියෙනවා.

විටමින් සහ ඛණිජ ලවණ වලින් පොහොසත් රටඉඳි ශක්තිය වැඩි කරනවා වගේම සිරුරට ගුණදායක බොහෝ දේවල් දෙනවා.

දවසකට රටඉඳි ගෙඩි 03ක් කෑවොත් ලැබෙන සෞඛ්‍යමය වාසි රැසක් හිමිවෙනවා.

මොකද එහෙම රටඉඳි කනවා නම් අමතර විටමින් වර්ග බොන්න ඕනෙත් නැති තරම්.

විටමින්,පොටෑසියම්,කොපර් වැනි පෝෂ්‍ය පදාර්ථ මේ රටඉඳි වල අන්තර්ගතයි.

විශේෂයෙන් ආහාර ජීර්ණය වීමේ පහසුවක් මේ රට ඉඳි වලින් ලැබෙනවා.

ඒ වගේම මල බද්ධය, අජීර්ණය විතරක් නෙවෙයි බඩවැල් ආශ්‍රිත පිළිකාමය තත්වයන් නැති කරන්නත් මේ රට ඉඳි වලට හැකියාවක් තියෙනවා.

තව ඊට අමතරව ප්‍රමාණවත් තන්තු ප්‍රමාණයක්,විටමින් B,මැග්නීසියම් වගේ ගොඩාක් දේවල් මේ රටඉඳි වල ඇතුළත් වෙන නිසා අමුතුවෙන් විටමින් බොන්න ඕන නෑ.

රටඉඳි වේදනා නාශකයක් විදිහටත් යොදාගන්න පුළුවන්.

ඒත් එකක්ම හදවත් හානි අවම කරවීමේ සුවිශේෂී හැකියාවක් තිබෙන රට ඉඳි ගැබිණි මව්වරුන්ගේ ප්‍රසව වේදනාව
පාලනය කරන්නත් යොදාගන්න බව බොහෝ වෙලාවට ඔබ නොදැන සිටියා වෙන්නට පුළුවන්.

දරුවා බිහි වෙන්න සති 04ක් තිබියදී ගැබිණි මව්ව්රුන් 69 දෙනෙකුට රටඉඳි කෑමට දී කරන අද පරීක්ෂණයකින් ඒ බන තහවුරු වෙලා තියෙනවා.

අධික රුධිඩනය සහ හෘදයාබාධ වලට රටඉඳි කියන්නේ ගුණදායක කෑමක්.

රට ඉඳි වල අන්තර්ගත මැග්නීසියම් නිසා හෘදයාබාධ ඇතිවීස 10% කින් පාලනය කරන බවයි වාර්තා වන්නේ.

ඒ විතරක් නෙවෙයි රටඉඳි වලින් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා.

විජලනය හෙවත් ශරීරයේ ජලය නැති වීමේ රෝගය වැළැක්වීමටත් රට ඉඳි ගුණදායකයි.

සිරුරේ තෙතමනයක් නැති වීම හරහා මෙම තත්ත්වය හටගැනීමේ හැකියාවක් පවතින අතර එවන් රෝගීන් දිනපතා රට ඉඳි ආහාරයක් ලෙස ගන්නව නම් විජලනයෙන් මිදෙන්න පුළුවන්.

ඒ වගේම කාර්යබහුලව රැකියා කරන කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මුහුණපෑමට සිදුවන ගැටලූවක් තමයි ශාරීරික සහ මානසික වෙහෙසකාරී බව.

එවන් පුද්ගලයන් දිනපතා රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගන්නව නම් ඒ ගතිය මගහරවා ගන්නටත් හැකියාවක් තිබෙනවා.

ආයුර්වේදයේ “මධුර ත‍්‍රිපලා” නමැති කාණ්ඩය යටතට අයත් අගනා ඖෂධයක් වන රට ඉඳි අරිෂ්ට සහ ආසව වර්ග සෑදීමට නැතිවම බැරි ඖෂධයක්.

මූලාශ්‍ර – අන්තර්ජාලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here