අමාත්‍ය මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.
ඒ අනුව කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය ධුරය රුවන් විජේවර්ධනට හිමිව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
ඔහු තව ස්වල්ප මොහොතකින් ජනාධිපතිවරයා ඉදිරියේ සිය ධුරයේ දිවුරුම්දීමට නියමිතව ඇතැයි ද වාර්තා වනවා.
රුවන් විජේවර්ධනගේ මුත්තණුවන් වන්නේ මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයෙකු මෙන්ම ලේක්හවුස් ආදී කර්තෘවරයා ද වූ ප්‍රකට ව්‍යවසායක ඩී.ආර්.විජේවර්ධන මහතායි.
විජේවර්ධන මහතාගේ 133 වැනි ජන්ම දිනය හෙටට යෙදී ඇති අවස්ථාවක විජේවර්ධන මහතා නව තනතුරට පත්වීම සුවිශේෂ සිදුවීමකි.
2015 ජනාධිපතිවරණයෙන් පසු නව රජයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවූයේ ද රුවන් විජේවර්ධනයි.