Home Environment ”පිවිතුරු පුරයට පිරිසිදු මතුගම” සාර්ථකව අවසන් – PHOTOS

”පිවිතුරු පුරයට පිරිසිදු මතුගම” සාර්ථකව අවසන් – PHOTOS

643

මතුගම නගරයේ ඇති කැලි කසල සහ අපද්‍රව්‍ය ඉවත්කොට පස්දුන් රට අගනුවර වන මතුගම නගරය අලංකාර කිරීම සඳහා වන ‘පිවිතුරු පුරයට පිරිසිදු මතුගම’ වැඩසටහනනෙහි ප්‍රථම අදියර පසුගිය (19) වනදා සාර්ථක අන්දමින් නිමාවට පත්වුණා.

“මතුගම හරිත මිතුරෝ” නම් ෆේස්බුක් සමාජ ජාලය හා සම්බන්ධවූ පරිසර හිතකාමී තරුණ පිරිසකගේ සංවිධානත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මගින් මතුගම නගරයේ අවිධිමත් ලෙස බැහැර කර ඇති පොලිතීන්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය සහ කැලිකසල ඉවත් කෙරුණා.

එමෙන්ම මෙම වැඩසටහන මගින් තම නගරය අලංකාරව හා පිරිසිඳුව තබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව වෙත පණිවිඩයක් ලබාදීමටත් ඒ හරහා නගරයට පැමිණෙන සියළු ජනතාව නගරය පිරිසිඳුව තබා ගැනීමට හුරු කිරීමත් අපෙක්ෂා කෙරෙනු ඇති.

මතුගම නගරයේ පිහිටි රාජ්‍ය ආයතන මෙම වැඩසටහනට අවශ්‍ය පහසුකම් ලබාදීම හා මගපෙන්වීම පෙන්වීම සිදුකරනූ ලැබූ අතර තවත් පෞද්ගලික ආයතන ගණනාවක්වම මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය ලබා දී තිබෙනවා.

මතුගම නගරය හා ආශ්‍රිත ප්‍රදේශයන් සිට මතුගම නගරයට එක් රැස්වූ විශාල පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීමට මතුගම හරිත මිතුරෝ සංවිධානයට හැකිවුණා.

මෙම වැඩසටහනින් නගරයේ සුන්දරත්වයට බාධාවන අන්දමින් අලවා තිබූ දැන්වීම් සහ පෝස්ටර් ඉවත් කොට නගරය අලංකාර කිරීමටද හැකියාව ලැබී තිබෙනවා.

නගරයේ කැලි කසල මගින් අවහිර වී තිබූ කාණු පද්ධතිය පිරිසිඳු කිරීමද මෙම වැඩසටහන මගින් සිදුකෙරුණු අතර අක්‍රමවත් ලෙස කැලිකසල සහ අපද්‍රව්‍ය බැහැර කරන ආයතන පිළිබඳ සමීක්ෂණයක්ද මතුගම ප්‍රාදේශීය සභාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව සිදුකෙරුණා.

ඒ අනුව ක්‍රමවත්ව කැලි කසල බැහැර කිරිමට අවශ්‍ය කසල බඳුන් තැන්පත් කිරීම සිදුවූ අතර ජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීමේ පුවරු සකස් කිරීම ද මෙහිදී සිදුකෙරුණා.

මෙම වැඩසටහනෙහි දෙවන පියවර නගරය අපවිත්‍ර වන වන ලෙස කසල බැහැර කරන ආයතන වෙත නීතිමය පියවර ගැනීමටත් නගරය ක්‍රමවත්ව පවත්වා ගැනීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාවට නැංවීමටත් අවශ්‍ය කාර්යන් මතුගම ප්‍රාදේශීය සභාව, මතුගම පොලිස් ස්ථානය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ගනු ලැබුණා.

ෆේස්බුක් සමාජ ජාලය හරහා සිදුවන විවිධ අකටයුතු කම් නිසා ඒ පිළිබඳ වැරදි අවබෝධයකින් සිටි ජනතාවට එවැනි සමාජ ජාලයක් මෙවැනි වැඩසටහන් සංවිධානය නවමු අත්දැකීමක් වූ අතර නගරවාසී සියළු දෙනාගේම ප්‍රසංශාව ඒ වෙනුවෙන් හිමිවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here