Home Local කුළුබඩු පාර්සල් අතර සඟවා ගංජා ගෙන යාමට තැත් කළ කතක් රේගු දැලේ

කුළුබඩු පාර්සල් අතර සඟවා ගංජා ගෙන යාමට තැත් කළ කතක් රේගු දැලේ

284
0

ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගංජා තොගයක් රැගෙන යමින් සිටි මෙරට ගුවන් මගී කාන්තාවක් ඊයේ (21) දින සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අය මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ඩුබායිහි ගෘහ සේවය සදහා පිටත්ව යමින් සිටි කාන්තාවකි.

ඊයේ දින සවස 6.35ට ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 225 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඇය පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයට කල් ඇතිව ලැබී තිබූ තොරතුරු මත කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

ඇය විසින් රැගෙන පැමිණි ගමන් මල්ලේ අසුරා ගෙන තිබූ කුළුබඩු අඩංගු පාර්සල් කීපයක් අතර මෙම රුපියල් 8,37,000ක් වටිනා ගංජා කිලෝ ග්රැම් 02යි ග්රැම් 94ක ප්‍රමාණයක් පාර්සල් වශයෙන් සකස් කර සගවා ගෙන තිබූ බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියා.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සදහා මෙම කාන්තාව සහ ඇය රැගෙන ගිය ගංජා තොගය කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here