Home Local කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක්

කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක්

494
0

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරියක් වෙන් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය .එය ලබන මස 8 වන දාට යෙදෙන ලෝක කාන්තා දිනය දා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ය.

පළමු අදියරේදී කාර්යාලයීය දුම්රිය 06ක කාන්තාවන් සඳහා පමණක් මැදිරි වෙන් කෙරෙනු ඇති.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ සමුද්‍රදේවී, සාගරිකා ඇතුළු කාර්යාලීය දුම්රිය 06 මේ සඳහා තෝරා ගෙන ඇති බව ය.

මීට පෙර ද කාන්තාවන් සඳහා වෙන් වූ දුම්රිය මැදිරි ක්‍රියාත්මක වුවද විවිධ ගැටලු හේතුවෙන් එය වසර කිහිපයකට පෙර නවතා දැමිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here