Home Hit ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අදයි – ඡන්ද ප්‍රතිපල අනාවැකි පළවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අදයි – ඡන්ද ප්‍රතිපල අනාවැකි පළවෙයි

529
0

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය අද (21) පැවැත්වෙනවා.

නිලවරණය පෙරවරු 10ට ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

එහිදී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ක්‍රීඩා සමාජ මට්ටමින් සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින්ගේ ප්‍රමාණය 143ක්.

නිළවරණයේ දී සභාපතිධුරය සදහා ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ෂම්මි සිල්වා යන පිරිස තරග වදිනවා.

නිළවරණයට ඉදිරිපත් වීමට නිළවරණ කමිටුව විසින් අනුමත කළ සම්පූර්ණ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව පහතින්.

Post of Vice President

De Silva Mahadurage Mohan Anthony Chulananda
Mathivanan Kangadaran
Ranatunga Arjuna
Silva Atulugamage Shammi Shiraj
Wickramaratne Raveen Udayapriya
Wickramasighe Pramodya

Post of Secretary

De Silva Mahadurage Mohan Anthony Chulananda
Dissanayake Bandula Thilak
Ranatunga Nishantha
Silva Atulugamage Shammi Shiraj
Post of Assistant Secretary
Dissnayake Bandula Thilak
Kapuwatta Chrishantha Theadore
Perera Kaluarachchige Gerard Hirantha
Wickramaratne Raveen Udayapriya

Post of Treasurer

Narangoda Eastman
Silva Atulugamage Shammi Shiraj
Wickramaratne Raveen Udayapriyantha
Wickramasinghe Nalin
Wickramasinghe Liyanage Lasantha Sadananda
Post of Assistant Treasurer
Rambukwella Lalith Mahinda Bandara Dissanayake
Senarath Sanjaya Sedara
Wickramasinghe Nalin

(සැ.යු. – විරෝධතා හේතුවෙන් ප්‍රතික්ෂේප වූ මොහාන් ද සිල්වාට සහ රවීන් වික්‍රමරත්නට පිළිවෙලින් ලේකම්ධුරය සදහා සහ උප සභාපති ධුරය සදහා පමණක් තරග වැදීමට ඊයේ දින අභියාචනාධිකරණය අවසර ලබා දුන්නා)

වාර්තාවන ආකාරයට මෙවර නිළවරණයේ දී ජයන්ත ධර්මදාසගේ පාර්ශවයට ජය හිමි වනු ඇති.

ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් වාර්තා කළේ ඡන්ද 92ක ප්‍රමාණයක් ජයන්ත ධර්මදාස හිමි කර ගැනීමට ඉඩ ඇති අතර, මොහාන් ද සිල්වාට සිය ක්‍රීඩා සමාජය වන එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ ඡන්දය පවා අහිමි වනු ඇති බවයි.

එසේ වුවහොත්, අර්ජුන රණතුංග, නිශාන්ත රණතුංග සහ කේ. මතිවානන් යන මහත්වරුන් ද නිළවරණයෙන් ඔවුන් තරග වදින ධුර සදහා තේරී පත්වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here