Home Health රස සපිරි ඉඟුරු වල නොදත් ගුණ

රස සපිරි ඉඟුරු වල නොදත් ගුණ

768
0

ඉඟුරු යනු ආහාර රසගන්වන්නට මෙන් ම, රෝග සුවයට ද එකලෙසම දායක වන රහස් ගුණයකින් හෙබි අරුම පුදුම ඔසුවක්.

ආහාර සෑදීමේදී ඉඟුරු යොදා ගැනීමෙන් ආහාරවල රසවත් බව වැඩි කරවීම මෙන්ම, ‍ඛේටය හා අනෙකුත් ජීරණ යුෂ නිපදවීම ද , කුස තුළ වාතය එක්රැස් වීම අඩු කිරීම ආදී ප්‍රයෝජන රැසක් අත්කර දෙන්නක්.

ඉඟුරු වලින් සාදා ගන්නා රසවත් ආහාර ලොව පුරා ඉතා ජනප්‍රියයි.

එමෙන්ම මෙහි විටමින් සී, මැග්නීසියම්, පොටෑසියම්, කොපර් හා මැංගනීස් යන ස්වභාවික රසායනිකයන් අන්තර්ගත වනවා.

මානව ශරීරයට ගුණ දෙන මේ ඉඟුරුවල අන්තර්ගත යැයි පුරාණයේ සිට පිළිගන්නා ගුණ රැසකි.

  • රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කරයි.
  • ආහාර ජීර්ණයට බලපෑම් කර, ආමාෂය සුවපත් කරවයි.
  • ඉඟුරුවල ඇති සංයෝග මඟින් ආහාරවල ඇති පෝෂ්‍ය පදාර්ථ හා ඛණිජ වර්ග අවශෝෂණය කර ගැනීම පහසු කරවයි. ඉඟුරුවල ප්‍රතිඔක්සිකාරක බොහෝ සෙයින් අන්තර්ගත බැවින් එය ප්‍රකට පිළිකා නාශකයකි.
  • අධ්‍යයනවලින් හෙළි වී ඇති පරිදි ඉඟුරු මඟින් ගර්භණී සමයේ දී මෙන්ම වෙනත් රෝග තත්ත්වවලදී ඇතිවන වමනය සමනය කරවයි.
  • ඔසප් වේදනා අවම කරයි.
  • වේදනා නාශකයක් ලෙස ක්‍රියාත්මකවීමට ඉඟුරුවලට කදිම හැකියාවක් ඇත.
  • අස්ථිවල නිරෝගීතාව වැඩි කරවන හා හන්දිපත් වේදනාව සමනය කිරීමේ හැකියාවක් ද ඉඟුරු සතු වනවා.
  • සෑම උදෑසනකම ඉඟුරු තේ කෝප්පයක් පානය කිරීමෙන්, අස්ථිවල නීරෝගීභාවයට මනා රුකුලක් වනු ඇති.
  • උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්ව සුව කරයි.
  • ඉරුවාරදය සමනය කරයි.
  • මස්පිඬු වේදනාව සහ ඉදිමුම් සුවකරයි.

ඈත අතීතයේ සිටම පාචනය සඳහා ඔසුවක් ලෙස ඉඟුරු භාවිත කර තිබෙනවා.

Zingiberaceae ශාඛ කුලයට අයත් ඉඟුරු දිව ඔසුවක් ලෙසයි සැළකෙන්නේ.

හැකිකම් නිවසේම වගාකරගෙන නිතරම ආහාරයට එක්කර ගැනීමේ හැකියාවද පවතිනවා.

සෞඛ්‍යමත් දිවි පෙවෙතක් උදෙසා ඉඟුරු භාවිත කරන්නට සියලු දෙනාම දැනුවත් කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here