Home Local ”මිල දර්ශන නෑ, පොදු ජලනළ අවහිරයි” – ශ්‍රී පාද වන්දනාකරුවන්ගෙන් චෝදනා

”මිල දර්ශන නෑ, පොදු ජලනළ අවහිරයි” – ශ්‍රී පාද වන්දනාකරුවන්ගෙන් චෝදනා

312
0

නල්ලතන්නිය – ශ‍්‍රීපාද මාර්ගයේ සමහර හෝටල් වල අහාර මිල සීඝ්‍ර ලෙස ඉහළ යෑමත් සමග ශ‍්‍රී පාදය වන්දනා කිරීමට පැමිණෙන වන්දනාකරුවන් දැඩි අසීරුතාවන්ට පත්ව ඇතැයි වාර්තා වනවා.

එමෙන්ම මෙකී සමහර හෝටල් වල අහාර මිල ගණන් සඳහන් මිල දර්ශන පුවරු නොමැති වීමෙන් එම වෙළෙඳුන් වන්දනාකරුවන් අහාර ගැනීමෙන් පසු හිතු හිතූ ලෙස මුදල් අයකිරීමට පෙළඹී සිටින බවයි වාර්තා වන්නේ.

මෙම මාර්ගයේ සමහර හෝටල්වල මෙසේ ආහාර වලට අධික මිලක් අයකරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවත් බොහෝ වන්දනාකරුවන් චෝදනා කරනවා.

ඇතම් හෝටල්වල ආහාර වල මිල ගණන් සඳහන් මිල දර්ශනයන්ද ප‍්‍රදර්ශනය කර නොමැති බවත් මෙම තත්වයන් මත අහාර ගැනීමෙන් පසුව එම හෝටල් හිමියන් ඉල්ලන මුදල තමන්ට ගෙවීමට සිදුවන බවත් එම නිසා තමන් දැඩි අසීරුතාවන්ට පත්වන බවයි ඔවුන් පවසන්නේ.

එමෙන්ම සමහර හෝටල් හිමියන් ඔවුන්ගේ ජල බෝතල් විකුණා ගැනීම සඳහා එම මාර්ගයේ සමහර ස්ථානවල ජල නළ මාර්ග අවහිර කර ඇති බවද වන්දනාකරුවන් පවසනවා.

මෙම තත්වයන් මත වන්දනාකරුවන්ගේ ප‍්‍රයෝජනය සඳහා ශ‍්‍ රීපාද මාර්ගයේ ඉදිකර ඇති පොදු ජලනළ වලින් ජලය ලබා ගැනීමට නොහැකි තත්වයක්ද උදාවී ඇති බවයි සඳහන් වන්නේ.

නල්ලතන්නිය ශ‍්‍රීපාද මාර්ගයේ සමහර හෝටල්වල සිදුකරනු ලබන මෙවැනි ක‍්‍රියාවලින් වන්දනාකරුවන් බේරාගැනීම සඳහා අදාළ බලධාරීන් ක්‍ෂණික පියවරක් ගත යුතු බවද එම වන්දනාකරුවන වැඩිදුරටත් සඳහන් කරනවා.

මනුර සුදත් සෙල්ලහේවා 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here