Home Local නාවික හමුදා කඳවුර ඉවත් කරන්නයැයි ඉල්ලා සිලාවතුර ජනතාව විරෝධතාවයක – PHOTOS

නාවික හමුදා කඳවුර ඉවත් කරන්නයැයි ඉල්ලා සිලාවතුර ජනතාව විරෝධතාවයක – PHOTOS

403
0

මන්නාරම, මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිලාවතුර ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් තුළ ස්ථාපිත කොට ඇති නාවික හමුදා කදවුර ඉවත් කරන ලෙසට ඉල්ලා සිලාවතුර ජනතාව ඊයේ (20) සවස සිලාවතුර නාවික හමුදා කදවුර ඉදිරිපස විරෝධතාවයක නිරතවුණා.

විරෝධතාකරුවන් පැවසූවේ පැවති යුධමය තත්වය හේතුවෙන් 1990 වසරේ සිලාවතුර ප්‍රදේශයේ තම ඉඩම් අතහැර කල්පිටිය ප්‍රදේශයේ අවතැන් කදවුරු වෙත ගොස් ජිවත්වු බවයි.

එහෙත් යුද්ධය සමයේ තමන්ගේ මුල් ඉඩම් අත්පත් කරගෙන නාවික හමුදාව කදවුරක් ඉදිකොට තිබෙන නමුත් යුද්ධය නිමාවීමෙන් අනතුරුව තමන් තමනගේ මුල් ඉඩම්වල පදිංචිය වෙනුවෙන් පැමිණියද අදාළ නාවික හමුදා කදවුර හේතුවෙන් තමන්ට තමන්ගේ මුල් පදිංචි ඉඩම් අහිමිව ගොස් ඇති බවද විරෝධතාවයට එක්වු ප්‍රදේශවාසීන් පැවසුවා.

විරෝධතාකරුවන් පැවසූවේ යුද්ධය නිමාවීමෙන් අනතුරුව නැවත පදිංචිය වෙත පැමිණි තමන් වෙත මුල් ඉඩම් නොලැබීම හේතුවෙන් 2009 වසරේ සිට තමන් නැවත වතාවක් අවතැන්ව මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචිව සිටින බවයි.

වර්තමානයේ යුද්ධයක් නොමැති බැවින් නාවික හමුදාව සිය කදවුරක් වෙනුවෙන් පවරාගෙන ඇති සිලාවතුර මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් අක්කර 35ක ප්‍රමාණය නැවත ලබාදෙන ලෙසට ප්‍රදේශවාසීන් ඉල්ලීම් කරනු ලැබුවා.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ අදාළ ස්ථානයේ පවතින නාවික හමුදා කදවුර ඉවත් කොට තමන්ගේ මුල් ඉඩම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් මන්නාරම දිස්ත්‍රික් ලේකම්, මුසලි ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිස් වෙත ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කොට ඇතත් මේ දක්වා තමන් වෙත යහපත් ප්‍රතිචාරයක් නොලැබි ඇති බවයි.

වර්තමානයේ ආරක්ෂක අංශ සතුව පවතින උතුරු නැගෙනහිර සිවිල් ජනතාවගේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර අදාළ වැඩසටහන හරහා හෝ තමන්ගේ ඉඩම් නිදහස් කර දෙන ලෙසට විරෝධතාකරුවන් ඉල්ලීම් කර සිටිනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here