කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා අද (21) විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ කැදවා තිබූ මාධ්‍ය සාකච්ජාව උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා.
මෙම ටෙන්ඩරය සදහා අවම මිල ඉදිරිපත් කල ලක්දනවි නමැති දේශීය සමාගමට ටෙන්ඩරය ලබා නොදී චීන සමාගමකට ලබාදීම හරහා රටට රුපියල් බිලියන 90ක පාඩුවක් සිදුවන බව එහිදී ලක්දනවි සමාගම නියෝජනය කල ඉංජිනේරුවරුන් විසින් චෝදනා කලා.
ඊට ප්‍රතිචාර දක්වමින් තමුන් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ස්වාධීනව කටයුතු කල බවත්, සෑම අවස්ථාවකදීම නිසි පටිපාටියට අනුව කටයුතු කිරීමට උත්සාහ කල බවත් අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ මහතා ප්‍රකාශ කලා.
ටෙන්ඩරයේ ඇගයීම් කටයුතු සිදුවෙමින් තිබියදී අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊට සම්බන්ධ පාර්ශවයන් කැඳවා යම් එකඟත්වයකට එළඹීමට උත්සාහයක් ගෙන ඇති බව එම මාධ්‍ය හමුවේදී අනාවරණය වූ අතර එය ටෙන්ඩර් ක්‍රියාදාමයට පටහැනි බවයි වාර්තා වන්නේ.
ලක්දනවි සමාගමේ නියෝජිතයින්ගේ දිර්ඝ කරුණු දැක්වීම් හමුවේ මෙම ටෙන්ඩරය සමබන්ධයෙන් රජයේ නිලධාරීන් නිසි ක්‍රියාදාමය උල්ලංඝනය කර ඇති බව අවස්ථා කිහිපයකදීම පැහැදිලිව පෙනී ගිය අතර ලක්දනවි සමාගමේ කොටස් අයිතිය පිළිබඳවද එහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්ණ කලා.