Home Local කාලිංග ඉන්දතිස්ස නීතිඥ සංගමයේ සභාපති වෙයි

කාලිංග ඉන්දතිස්ස නීතිඥ සංගමයේ සභාපති වෙයි

257
0

2019/2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණයේදී සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා තේරී පත් ඇත.

ඒ එම සංගමයේ 2019/2020 සඳහා සභාපතිවරයා පත්කර ගැනීම සදහා පැවැති නිලවරණයේදීය. එම සංගමයේ ලේකම් ලෙස නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාද තේරී පත්විය.

කොළඹ ඇතුළු රටපුරා ඡන්ද මධස්ථාන 83කදී මේ සඳහා ඡන්ද විමසීම් පැවැත්විණි.

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ මෙවර නිලවරණයේදී එහි සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ මහින්ද ලොකුගේ මහතාද ලේකම්ධුරය සඳහා කෞෂල්‍ය නවරත්න මහතා සහ නීතීඥ සමන් වැලිඅංග මහතාද තරඟ කළහ.

නීතීඥ සංගමයේ නිලවරණය සඳහා ඡන්ද විමසීම ඊයේ (20දා) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්විණි.

අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව

කාලිංග ඉන්දතිස්ස 4702
මහින්ද ලොකුගේ 1346

කෞෂල්‍ය නවරත්න 5061
සමන් වැලිඅංග 898

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here