ලොව පුරා ධනවත්ම ජනතාවගේ ගණන ඉහළ නංවාලමින් ව්යාපාරික කාන්තාවන් ඉදිරියට පැමිණීම මේ වන විට සුලබව දක්නට පුළුවන්.
ලෝ ප්රකට ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම කාන්තාවන් අතර සිටින්නේ ස්වෝත්සාහයෙන් දියුණු වූ කාන්තාවන් පිරිසකි.
ඒ අනුව ස්වෝත්සාහයෙන් දියුණු වූ ප්රකොටිපතිනියන් පිළිබඳ මේ වසරේ ලැයිස්තුවේ ඉහළම ස්ථාන චීන කාන්තාවන්ට හිමි වී තිබෙනවා.
එම වාර්තාවන්ට අනුව ලෝකයේ ධනවත්ම කාන්තාවන් 05 දෙනාම ආසියානු කාන්තාවන් වීම විශේෂත්වයක්.
ලැප්ටොප් සහ ජංගම දුරකථන ආවරණය කරන වීදුරු නිෂ්පාදනය කරන සමාගමක් (Lens Technology) ආරම්භ කළ ෂූ කොන්ෆෙයිට (Zhou Qunfei) ඇමරිකානු ඩොලර් බිලියන 9.8ක වත්කමක් හිමි අතර, ඇය ස්වෝත්සාහයෙන් දියුණු වූ ලෝකයේ ධනවත්ම කාන්තාව බවට වාර්තා වනවා.
ඇපල්, සැම්සුන් සමාගම් ඇතුළු තාක්ෂණය හා සම්බන්ධ සමාගම් විශාල ප්රමාණයක් සමග ඇය ව්යාපාරික ගිවිසුම්වලට එළඹ ඇති අතර පසුගිය සතියේ ෆෝබ්ස් සඟරාව පළකරන ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවට ද ෂූ ගේ නම ඇතුළත්ව තිබෙනවා.
ඇය ඉතා දුෂ්කර ගම්මානයක දිළිඳු පවුලක උපන් තැනැත්තියක් වන අතර ෆෝබ්ස් සඟරාවට අනුව ලෝකයේ ධනවත්ම කාන්තාවන් අතරින් ඇයට හිමිවන්නේ 16 වන ස්ථානයයි.
නමුත් මෙහි විශේෂත්වය වන්නේ ඇයට ඉදිරියෙන් සිටින කාන්තාවන් 15 දෙනාම පවුලේ උරුමයෙන් හෝ විවාහයෙන් පසු ධනවත් වූ කාන්තාවන් වීමයි.
49 හැවිරිදි වියේ පසුවන ෂූ, එක් පුතෙකු සහ දියණිකගේ මවක් ද වනවා.

