Home Hit ”LNG බලාගාර ටෙන්ඩරයෙන් බිලියන 90ක පාඩුවක් වනවා” – LTL වෘත්තීය සමිති...

”LNG බලාගාර ටෙන්ඩරයෙන් බිලියන 90ක පාඩුවක් වනවා” – LTL වෘත්තීය සමිති සභාපති සමීර ගනේගොඩ – VIDEO

955
0

ඉදිකිරීමට නියමිත මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු කෙරවලපිටිය LNG බලාගාරය ටෙන්ඩර් ක්‍රියාදාමය උල්ලංඝනය කරමින් චීන සමාගමකට පැවරීම නිසා රටට රුපියල් මිලියන 90,000ක පමණ අලාභයක් සිදුවන බව ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ කාර්ය මණ්ඩල වෘත්තීය සමිතිය විසින් චෝදනා එල්ල කරනවා.

එම සංගමය විසින් අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති සමීර ගනේගොඩ විසින් මේ බව ප්‍රකාශ කර සිටියා.

“ලක්දනවි සමාගම වසර ගණනාවක පටන් දේශීයව සහ ජාත්‍යන්තරව විදුලිබලාගාර ව්‍යාපෘති රැසක් සාර්ථකව ඉදිකල කීර්තිමත් සමාගමක්. සම්පුර්ණයෙන්ම දේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත සමාගමක්. විවිධ හේතු පවසමින් ලක්දනවි ඉදිරිපත් කල අවම මිල ප්‍රතික්ෂේප කරලා මෙම ටෙන්ඩරය 70%ක අයිතියක් චීනයට හිමි චයිනා GCL සමාගමට ලබාදීමට විදුලිබල අමාත්‍යංශය සැරසෙනවා. ඩොලරයේ අගය වෙනස් වීම මත මින් රටට සිදුවන පාඩුව රුපියල් බිලියන 90ක් පමණ වනවා. මෙය මහබැංකු බැදුම්කර වංචාව වගේ කීප ගුණයක් විශාල වංචාවක්.” යනුවෙන් කියා සිටියා.

මෙගාවොට් 300ක ධාරිතාතාවයෙන් යුතු LNG බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය එම ටෙන්ඩරය සදහා අවම මිල ඉදිරිපත්කල දේශීය සමාගමට ලබා නොදී ඊට වඩා ඉහළ මිලක් නියම කල චීන හිමිකාරීත්වයක් සහිත සමාගමට ලබාදීමට අනුමැතිය ඉල්ලා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත්කල යෝජනාවට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.

එම තීරණය සම්බන්ධයෙන් සිය විරෝධය පළකිරීම සඳහායි වෘත්තීමය ඉංජිනේරුවරුන් පිරිසක් විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ.

එම අවස්ථාව දැක්වෙන වීඩියොව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here