ලෝක රග්බි අධ්‍යාපනඥයකු සහ ශාන්ත පීටර්ස් විදුහලේ රග්බි පුහුණුකරු මාටිස්ගේ හැසිරීමකට එරෙහිව නොසතුට ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දැක්වීමට මව්වරුන් පිරිසක් කටයුතු කර තිබෙනවා.
පුහුණුකරු මාටිස් සුහද තරඟාවලියක් අතරතුර එහි සිටි ශිෂ්‍යයෙකුට කණට ප්‍රහාර 03ක් එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.
ඒ සම්බන්ධයෙන් colombo telegraph වෙබ් අඩවිය පළ කරන ලද පුවතකට අදහස් දක්වමින් ටීනා එඩ්වඩ් ගුණවර්ධන නමැති කාන්තාව කියා සිටියේ, “ඕක වුණේ මගේ දරුවාට නම්, ඔහුගේ වෘෂණ කෝෂ ගලවලා දෙනවා කරාබු විදියට දාගන්න” යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ආසියානු රග්බි කණ්ඩායමේ උපදේශක සාමාන්‍යාධිකාරී රොස් මිට්ෂල් විසින් මේ සම්බන්ධව ලෝක පාපන්දු සංගමයට සහ ආසියානු රග්බි පාපන්දු සංගමයට නිල වශයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය (ශ්‍රී ලංකා රගර් සංගමය) මෙම කාරණය පිළිබඳව සොයා බැලේනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිනවා.
එබැවින් ඔවුන් පත් කළ පුහුණුකරු මාටිස්ට එරෙහිව ලෝක රග්බි සංගමය විසින් සුදුසු විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව සඳහන්.