යාපනය, කරුවෙම්පිල්ලෙයි ප්රදේශයේ නිවසකට ඊයේ (19) දහවල් කිසියම් පිරිසක් පෙට්රෝල් බෝම්බ ප්රහාරයක් එල්ල කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි වලින් පැමිණි කණ්ඩායමක් අදාළ නිවස වෙත පෙට්රෝල් බෝම්බ ප්රහාරය එල්ල කොට ඇති බවයි.
ප්රහාරයෙන් නිවසේ නවතා තිබු වෑන් රථයක් සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති අතර, නිවස ඉදිරිපස නවතා තිබු යතුරුපැදි 02කට හා නිවසේ ජනෙල්ද කැඩී ගොස් ඇති බව ආරක්ෂක අංශ පැවසූවා.
ආරක්ෂක අංශ පැවසූවේ නිවසේ ගේට්ටු විවර කොට ගෙමිදුල වෙත පැමිණි පිරිස අදාළ ප්රහාරය සිදුකොට ඇති බවට අනාවරණය වී ඇති බවයි.
සිද්ධියෙන් පුද්ගලයින්ට හානියක් සිදුව නොමැති අතර නිවසේ වාහන හා දේපළ වෙනුවෙන් හානි සිදුව ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කර සිටියා.
පසුගිය සමයේ යාපනය නල්ලූර්, කෝපායි ඇතුළු ප්රදේශ රැසක මෙලෙස පෙට්රෝල් බෝම්බ ප්රහාර එල්ල වි ඇති බවද ආරක්ෂක අංශ සදහන් කර සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
මාධව කුලසූරිය