Home Local මන්නාරම සමූහ මිනිවළේ වාර්තාව නිල වශයෙන් ලැබී නෑ – මහේස්ත්‍රාත් පවසයි

මන්නාරම සමූහ මිනිවළේ වාර්තාව නිල වශයෙන් ලැබී නෑ – මහේස්ත්‍රාත් පවසයි

313

මන්නාරම, සමූහ මිනිවළ තුළින් ලබාගත් අස්ථි සාම්පල වල කාබන් පරීක්ෂණ කාල නීර්ණ වාර්තාව අද (20) මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීන් සමින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරදෙනු ලැබුවා.

නමුත් අදාළ වාර්තාව නිළ වශයෙන් අධිකරණය වෙත තවමත් ලැබී නොමැති බැවින් දැනට ලැබී ඇති වාර්තාව සම්බන්ධයෙන් නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි මන්නාරම මහේස්ත්‍රාත් ටි.සරවනරාජා අධිකරණයේදී දැනුම්දෙනු ලැබුවේ.

මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩු විභාගය අද නැවත විමසීමේදී මහේස්ත්‍රාත්වරයා එලෙස ප්‍රකාශ කළා.

මහේස්ත්‍රාත්වරයා පැවසූවේ මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීන් සමින්ද රාජපක්ෂ අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති නමුත් අදාළ වාර්තාව සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මෙතෙක් අධිකරණය වෙත නොලැබි ඇති බවයි.

අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත ලැබී ඇති වාර්තාව වෛද්‍යවරයා වෙත පමණක් ලැබී ඇති අතර, අදාළ වාර්තාවේ දෘඪ පිටපතක් අධිකරණය වෙත ලැබීමට නියමිත බැවින් අදාළ වාර්තාව ලද විගස වාර්තාව සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කරන බවද මහේස්ත්‍රාත්වරයා එහිදි ප්‍රකාශ කළේය.

මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩු විභාගය එළැඹෙන 25 වනදා දක්වා කල් තබන බවද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කෙරුණා.

සමූහ මිනිවළ තුළින් මේ වන විට දින 146ක් පරීක්ෂණ පවත්වා ඇති අතර, මිනිවළ තුළින් මිනිස් සිරුරු 323ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇති අතර, අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 314කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 28දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කර සිටියා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබද වාර්තාව තමන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත එළැඹෙන 20 වැනි බදාදා ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදි අදාළ වාර්තාව විවෘත අධිකරණයේදි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පොදු ලියවිල්ලක් බවට පත්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තමන් අදහස් දක්වන බවයි.

මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ක ණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ කැළණිය විශ්ව විද්‍යාල ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, අතුරුදහන්වූවන් පිළිබද කාර්යාලයේ නියෝජිතයින්, රාජයේ රස පරීක්ෂක නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැනුණා.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසූවේ සියළු පාර්ශව වෙනුවෙන් විනිවිධභාවය ආරක්ෂ වන ආකාරයෙන් කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි කොටස් කැබලි ලබාගත් අතර, කිසිදු ආකාරයක දෝෂයක් නොවන ආකාරයට සියළු පාර්ශවවල නිරීක්ෂණ මත කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි ලබාගත් බවයි.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වනදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here