Home Local මධූෂ් ඇතුළු පිරිස ගැන සෙවීමට ඩුබායි ගිය පිරිසට වීසා ලැබී නෑ

මධූෂ් ඇතුළු පිරිස ගැන සෙවීමට ඩුබායි ගිය පිරිසට වීසා ලැබී නෑ

364

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මධුෂ් ඇතුළු පිරිස පිළිබඳ විමර්ශන කටයුතු සඳහා ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු විසින් පත් කරන ලද පොලිස් නිලධාරීන් 06 දෙනාට වීසා ලබාදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ වීසා ලබාදීමට ඩුබායි පොලිසිය විරුද්ධ වීම යැයි සඳහන්.

ඩුබායි පොලිසියේ විමර්ශන වලට මැදිහත් වීමට ශ‍්‍රී ලංකාවට ඉඩදීම එරට පිළිවෙත නොවන බවයි ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මධුෂ් ඇතුළු පිරිසගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලිසිය ඩුබායි හෝ ඉන්ටර්පෝල් පොලිසියට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here