Home Local කඩුවක්, මත්කුඩු පැකට්ටුවකට හුවමාරු කිරීමට පැමිණි අයෙක් අත්අඩංගුවට

කඩුවක්, මත්කුඩු පැකට්ටුවකට හුවමාරු කිරීමට පැමිණි අයෙක් අත්අඩංගුවට

294

පෞරාණික යැයි සිතිය හැකි කඩුවක් මත්කුඩු පැකට්ටුවකට හුවමාරු කරගැනිමට මත්කුඩු ජාවාරම්කරුවෙකු කරා පැමිණි මත්ලෝලියෙකු කුඩු ජාවාරම්කරු සමග අත්අඩංගුවට ගැනිමට ත්‍රිකුණාමලය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සමත්ව තිබෙනවා.

එම ඒකකයට මත්කුඩු ජාවාරම්කරුවෙකු පිළිබද ලද තොරතුරකට අනුව 4 කණුව ප්‍රදේශයේදි මත්කුඩු මිලිග්රෑම් 67ක් සමග සිටි ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කඩුව රැගෙන පැමිණි මත්ලෝලියා අත්අඩංගුවට ගැනිමට හැකිව තිබෙනවා.

කඩුව රැගෙන පැමිණි මත්ලෝලියාගෙන් ප්‍රශ්න කිරිමේදි හෙලිවුණේ මුදල් නොමැති නිසා ජවාරම්කරු සමග දුරකථනයෙන් කථාකරගත් පරිදි කඩුව ලබාදි මත්කුඩු පැකට්ටුවක් ලබාගැනිමට පැමිණි බවයි.

එම ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ආර්.එම්.බණ්ඩාර, සරයන් (12793) අතුකෝරල, කොස්තාපල්වරුන් වන (53876)තවුපික්, (26684) නලින් (63676) ජයවීර යන නිලධාරින් මෙම වැටලිමට එක්ව තිබෙනවා.

කඩුව රැගෙන ආ සැකකරු නුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ත්‍රිකුණාමලයේ රැදිසිටිමින් ධිවර රැකියාවේ නිරතවන අයෙකි.

සැකකරුවන් මත්කුඩු හා කඩුව සමග වැඩිදුර පරික්ෂණ සදහා ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසියට භාරදි තිබෙනවා.

මුලස්ථාන වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්.ඒ.ලලිත් කුමාරගේ මෙහෙයවිම යටතේ වැඩිදුර පරික්ෂණ පවත්වනු ඇති.

අමදෝරු අමරජිව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here