Home Local උවකැලෙන් හමු වූ නාඳුනන මල සිරුර නුවරඑළිය රෝහලට

උවකැලෙන් හමු වූ නාඳුනන මල සිරුර නුවරඑළිය රෝහලට

867
0

තලවකැලේ, ලිදුල පොලිස් වසමට අයත් උවකැලේ තේ වතුයායට ඉහලින් වු උවකැලේ රක්ෂිතයේ තිබි සොයාගත් නාදුනන පිරිමි මල සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා නුවරඑලිය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ට්‍රෙනි රයර් අද (20) ලිදුල පොලිසියට නියෝග කලා.

හදුනානොගත් එම නාදුනන පිරිමි මල සිරුර සම්බන්ධයෙන් ස්ථාන පරික්ෂාවක් සිදුකිරිමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා ලිදුල පොලිසියට මෙම නියෝගය කලේ.

එම රක්ෂිතය හරහා පහලට ගලා බසින ජලය වේලලක් බැද එම වතු යායට පානිය ජලය ලබා ගන්නා අතර මේ දිනවල ලිදුල ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමගම එම රක්ෂිතය තුල වු ජල මුලාශ්‍ර සුද්ද පවිත්‍ර කිරිමට ගිය වතු කම්කරුවන් පිරිසක් විසින් රක්ෂිතයේ ඇළ මාර්ගයක වැටි තිබු නාදුනන පිරිමි මල සිරුර ඊයේ (19) දැක එ පිලිබදව ලිදුල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

වයස අවුරුදු 25 – 30 අතර බවට සැකකරන ජිවිතක්ෂයට පත් තරුණයා දිගු කලිසමක් සහ ටි ෂර්ටයක් ඇද සිටි ඇති අතර ඔහු පිලිබදව තොරතුරු වෙතොත් ලිදුල පොලිසිය වෙත දැනුම් දෙන ලෙසයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන පවත්වන ලිදුල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here