Home Business ඉන්දියාවෙන් පළතුරු ගෙන්වීම අත්හිටුවයි

ඉන්දියාවෙන් පළතුරු ගෙන්වීම අත්හිටුවයි

577
0

ජාතික ශාඛ නිරෝධායන සේවය විසින් ඉන්දියාවෙන් පළතුරු ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ශාඛ නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි කියා සිටියේ ශ්‍රී ලංකා ජාතික ශාඛ නිරෝධායන සේවය විසින් මෙරටට පළතුරු එවීමේදී ලබා දී තිබූ තත්ත්ව සහතිකයන් ඉන්දීයාව විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ පමණ සිට පිළිනොපැදීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර මෙසේ ඉන්දියානු පළතුරු ගෙන්වීම තාවකාලිකව අත්හිටවූ බවයි.

මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දන්වා ඇති බවත්, අදාළ දුර්වලතා මඟහරවා ගැනීමෙන් පසුව මෙම තහනම ඉවත් කරන බවද අමාත්‍යවරයා එම කාර්යාලයට දැනුම්දී ඇතැයි ඔහු සඳහන් කර සිටියා.

ඉන්දියාවෙන් මෙරටට වැඩිවශයෙන් ගෙන්වනු ලබන්නේ මිදි හා දෙළුම් යන පළතුරු බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ඉන්දියාවේ ශාඛ නිරෝධන ප්‍රතිපත්ති එතරම් තද නොවන අතර මීට පෙර ද මෙවැනි තත්ත්වයක් හේතුවෙන් වගා කරන ඉස්සන්ට ඉන්දියාවෙන් ගෙන්වන ලද කෑම හේතුවෙන් වගා කරන ඉස්සෝ කර්මාන්තයට මරු පහරක් එල්ලවූ බව එම කේෂත්‍ර ප්‍රවීනයකු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here