Home Hit UPDATE : ආගරපතනේ අතුරුදන් වූ දරුවා තේ වත්තකින් හමුවෙයි

UPDATE : ආගරපතනේ අතුරුදන් වූ දරුවා තේ වත්තකින් හමුවෙයි

414
0

ආගරපතන, හෝල්බෘෘක්, බැල්මොරල් වත්තේ ලෝව ක්‍රැන්ලි කොටසේ අතුරුදහන්ව සිටි දෙහැවරිදි කුඩා සිගිති දරුවා පැය 18කට පමණ පසුව අද (20) ඒම තේ වත්තේ අතුරු මාර්ගයක දමා ගොස් සිටියදි හමු වු බව ආගරපතන පොලීසිය පවසනවා.

ඊයේ (19) සවස 4.00 සිට පමණ නිවසින් අතුරුදහන්ව සිට ඇති මෙම කුඩා පිරිමි දරුවා ආගරපතන, ඩයගම යන පොලීසි හා තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා වතු කම්කරුවන් එක්ව සොයා මෙහෙයුම් දියත් කරනු ලැබුවා.

පසුව අද (20) උදෑසන සිදු කරනු ලැබු සොයා බැලීමේදී මෙම දරුවා තේ වතුයායේ අතුරු මාර්ගයක දමා ගොස් සිටියදි ආගරපතන පොලීසියේ නිලධාරීන්ට හා වතු කම්කරුවන්ට හමුව තිබෙනවා.

මෙම අතුරුදහන්ව සොයාගනු ලැබු දරුවා මව වන ෂෙන්නි හා පියාවන ප්‍රදීබන් යන අය දෙමාපියන් සමග කොළඹ ප්‍රදේශයේ සිට ආගරපතන, හෝල්බෘෘක්, බැල්මොරල් වත්තේ සිටින නෑදෑ නිවසකට පැමිණ සිටියදි මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි පොලීසිය පවසනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් මෙම දරුවා පැහැර ගෙන ගොස් රාත්‍රි කාලයේ රදවා තබාගෙන පසුව මුදා හරින්නට ඇති බවට පොලීසිය සැක කරනවා.

තේ වතුයායේ අතුරු මාර්ගයක අතහැර දමා ගොස් සිටියදි හමු වු දරුවා වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා ආගරපතන රෝහලට ඇතුළත් කොට ඇති අතර එම දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ප්‍රකාශයෙකු පැවසුවේ.

මෙම දරුවාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ආගරපතන පොලීසිය විශේෂ පරීක්ෂණයක් පවත්වනු ලබනවා.

ආගරපතනේ දරුවකු අතුරුදන්

ආගරපතන පොලිස් වසමට අයත්, හෝල්බෘක් වතුයායේ ලෝවර් ග්‍රැණ්ඩ්ලි ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02ක් වයසැති පිරිමි ළමයෙක් ඊයේ (19) ප.ව. 03.00 පමණ සිට අතුරුදන්ව ඇති බවට ළමයාගේ පවුලේ අය විසින් පොලීසියට පැමිණිළි කර තිබෙනවා.

යදිස් විධුර්ෂන් නැමති මෙම ළමයා නිවසේ සෙල්ලම් කරමින් සිටියදී ඊයේ පස්වරු 03.00 න් පසුව දක්නට නොලැබුණු බවයි ළමයාගේ පවුලේ අය පවසන්නේ.

මොහු කිසිවකු විසින් පැහැරගෙන ගියාද කියා පවුලේ ඥාතීන් සැකකරන අතර මේ වන විට ආගරපතන පොලීසිය, පොලිස් වීශේෂ කාර්ය බලකායේ තලවාකැලේ කඳවුරේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ළමයා සොයමින් සිටිනවා.

ක්‍රිෂාණ්තන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here