Home Hit නවම් පුන් පොහෝ දිනය අදයි

නවම් පුන් පොහෝ දිනය අදයි

523
0

නවම් පුන් පොහෝ දිනය අදට (19) යෙදී තිබෙනවා.

සම්බුද්ධ ශාසනයේත්, බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවූ ඉතා පූජනීය දිනයක් ලෙස නවම් පුන් පොහොය දිනය සැලකිය හැකියි.

සැරියුත් – මුගලන් දෙනම වහන්සේලා සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලබන ලද්දේ නවම් පුන් පොහොය දිනකයි.

බුදු සසුනෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් අද වැනි නවම් පොහොය දිනක වීම විශේෂත්වයක්.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයුසංස්කාරය හළේත් නවම් පුන් පොහොය දිනකයි.

මේ අයුරින් බලන කළ නවම් පොහොය දිනය බොදුනුවන්ගේ සිත් සැදැහැවෙන් කුළුගන්වන ‍වැදගත් ශාසනික දිනයකි.

නවම් පොහොයට සමගාමීව කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහ පෙරහර 41 වන වරටත් ඊයේ (18) සහ අද (19) දෙදින තුළ වීදි සංචාරය කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here