ඕමානය තුළ ඩ්‍රෝන යානා යැවීම නිල වශයෙන් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම තහනම සමාගම් වලට පමණක් බලපානු ලබන අතර යම් අයකුට ඩ්‍රෝන යානා ඇතුළු දුරස්ථව පාලනය වන මෙවලම් භාවිත කිරිම අවශ්‍ය නම් ඒ සඳහා අවසර ලබාගත යුතු බවයි ඕමාන සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ.
ඕමානයේ අලුතින් හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහය අනුව සිවිල් ගුවන් සේවා නීති උල්ලංඝණය කළහොත් මාස 06කට නොඅඩු සහ වසර 03කට නොඅඩු කාලයක් සිරගත කළ හැකියි.
අනවසර ඩ්‍රෝන යානා ගුවන් මගීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවත් සමහර අවස්ථාවන් වලදී ඩ්‍රෝන පියාසර මෙහෙයුම් වලට බාධා ඇතිවී තිබෙන බවත් ඕමාන ජෙට් එයාවේස්හි සාමාන්‍යාධිකාරි වසීම් සයිඩි පවසා සිටිනවා.