Home Hit හෝර්ටන්තැන්නේ කුරුමිණි විශේෂයක් රැගෙන යාමට තැත්කළ චීන ජාතිකයින් දෙදෙනකුට වැඩ වරදියි

හෝර්ටන්තැන්නේ කුරුමිණි විශේෂයක් රැගෙන යාමට තැත්කළ චීන ජාතිකයින් දෙදෙනකුට වැඩ වරදියි

472

හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානය තුල වෙසෙන කුරුමිණි විශේෂයක් අල්ලා රැගෙන යාමට උත්සහ කල චීන ජාතිකයන් දෙදෙනෙකු අද (18) උදැසන සැකපිට අත්අඩංගුවට ගත් බව හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු පි.කේ.පි.එන් ප්‍රදිප්කුමාර පැවසුවා.

මෙම චීන ජාතිකයන් දෙදෙනා හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානය සංචාරයක් සදහා අද පැමිණ මෙම කුරුමිණි විශේෂය අල්ලා රැගෙන යාමට උත්සහ කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකල බවයි ඔහු කියා සිටියේ.

එම චීන ජාතිකයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, ඔවුන් දෙදෙනා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් උද්‍යාන භාරකරු සඳහන් කර සිටියා.

මෙම චීන ජාතිකයන් දෙදෙනා සන්තකයේ කුරුමිණි විශේෂ 13ක් අල්ලා තිබූ බවත්, විශේෂ ආහාරයක් පිලියෙල කිරිම සදහා සිය බෑගය තුල සගවාගෙන රැගෙන යන බවත් ඔවුන් දෙදෙනා විසින් වනජිවි නිලධාරින්ට ප්‍රකාශයක් ද ලබා දී තිබෙනවා.

හොර්ටන්තැත්න ජාතික වන උද්‍යානය තුල විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක් ද දියත් කර ඇති බවයි උද්‍යාන භාරකරු වැඩිදුරටත් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here