Home Local ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමණය යළි ගනණය අරඹයි – මිනින්දෝරු දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමණය යළි ගනණය අරඹයි – මිනින්දෝරු දෙපාර්තමේන්තුව

222
0

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරිමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් කටයුතු ආරම්භ කොට තිබෙනවා.

පසුගිය කාලයේ වරාය නගරය හා මොරගහකන්ද හා කලු ගඟ ආදී වාරි යෝජනා ක්‍රම අලුතින් බිහිවීම නිසාත් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරිමට සිදු වී ඇතැයි සර්වේයර් ජනරාල් පී.එම්.පී උදයකාන්ත පවසනවා.

දැනට ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණ වර්ග කිලෝමීටර් 65610ක් වන අතර මෙම ප්‍රමාණය අලුතින් ගණනය කිරීමෙන් පසු වර්ග කිලෝමීටර් සිය ගණනකින් වැඩිවනු ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

මෙම ගණනය කිරීමේ කටයුත් මාර්තු මස අග වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here