Home Local නැවතත් මේ රටේ ජනාධිපති වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා -මුතුහෙට්ටිගම

නැවතත් මේ රටේ ජනාධිපති වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා -මුතුහෙට්ටිගම

309
0

ගාල්ලේ ඊයේ 17) පැවති මාධ්‍ය හමුවකදි ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.සන්ධානයේ මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ශ්‍රි ල.නි.පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙන්ම පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් දෙවැනි වතාවටද මෙරට ජනාධිපතිධුරයට පත්වන්නේ එතුමා බව ප්‍රකාශ කර සිටියා.

මැතිවරණයට කලින් පුළුල් සන්ධානයක් බිහිවෙන බවත් එ.ජා.ප ජනාධිපතිවරණ අපේක්ෂකයා පොදු හතුරා බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවා .පොදු සටනකට ගිහින් ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කරන්නේ අපි. ශ්‍රි ල.නි.පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පුළුල් සන්ධානයේ අපෙක්ෂකයා හැටියට එතුමා මෙවරත් ජනාධිපති ධුරයට පත්වෙනවා. මේක කියන්න සමහරක් අය භයයි. ඇඹරෙනවා. ඇඹරෙන්න දෙයක් නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි දෙවැනි වතාවටත් ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයා යයි ඔහු පැවසිය

පළාත් සභා මැතිවරණය ලබන මැයි මාසයෙන් පසුවට දමන්නට සදාචාරත්මක අයිතියක් නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සුදානම් ඕනැම වෙලාවක පළාත් සභා මැතිවරණය පවත්වන්න. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අය හැටියට පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා ජනාධිපතිවරයාගෙන් බලකොට ඉල්ලා සිටිනවා යැයි ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here