Home Local නව උප්පැන්නය භාෂා 03කින්

නව උප්පැන්නය භාෂා 03කින්

418
0

ජාත්‍යන්තරව පවා පිළිගැනීමට ලක්වන ආකාරයට උප්පැන්න සහතිකය
සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයම ඇතුළත් කර මුද්‍රණය කර ලබාදීමට රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධනගේ උපදෙස් මත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව රෙජිස්ට‍්‍රාර් ජනරාල් චතුර විතාන පවසා සිටියා.

නව උප්පැන්න සහතිකයේ භාෂා 03ට අමතර දිය සලකුණ ඇතුළු ආරක්‍ෂිත සලකුණු කිහිපයක් ඇතුළත් කර තිබෙන බවයි ඔහු කියා සිටියේ.

මෙම නව උප්පැන්න සහතිකය ලබාදීමේ වැඩසටහන ලබන අපේ‍්‍රල් මාසයට පෙර කි‍්‍රයාත්මක කිරීමට ද එම උප්පැන්න සහතිකයේ වයස අවුරුදු 16 ලබන විට ලබාදෙන හැඳුනුම්පත් අංකය ද ඇතුළත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව ද හෙතෙම සඳහන් කර සිටියා.

ඒ අනුව එම හැඳුනුම්පත් අංකය විභාග දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ වන විට දරුවන් ඉපදීමත් සමග අන්තර්ජාලය හරහා රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයට තොරතුරු ලබාගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව අධ්‍යයනයක් සිදුකරමින් සිටින බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

චමින්ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here