Home Politics ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය ?

ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය ?

456
0

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට නොබෙල් සාම ත්‍යාග ප්‍රදාන කරන ලෙස ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ මහතා ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම කරමින් අගමැති ෂින්සෝ අබේ මහතා යොමු කළ ලිපියේ පිටු 5 ක පිටපතක් තමාට ලැබී ඇතැ බවත් ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත.

උතුරු කොරියානු නායක කිම් ජොං අන් හමුවී න්‍යෂ්ටික අවි හරණය පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට මෙම නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුතු බවට ජපාන අගමැතිවරයා එම ඉල්ලීම කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් වාර්තා වන පිරිදි ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් කර නැතියිද එරට මාධ්‍ය වාර්තා කර ඇත.

( එක්ස්ප්‍රස් අනුග්‍රහයෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here