Home Local ඇඹිලිපිටියේ ගුරුවරුන් විරෝධතාවයක – PHOTOS

ඇඹිලිපිටියේ ගුරුවරුන් විරෝධතාවයක – PHOTOS

632
0

දරුවන්ගේ විනය සැදිමට කටයුතු කරන ගුරුවරුන් හට දඬුවම් විදිමට සිදුවන බවත් ඉගැන්විමට අමතරව වෙනත් ආයතන වල කමිටු පිහිටුවිම ආදි බාහිර කටයුතු රැසක් අනවශ්‍ය ලෙස පවරා ඇති බවත් පවසමින් සමස්ථ ලංකා ගුරැ සේවා සංගමයේ ඇඹිලිපිටිය ශඛාව නියෝජනය කරන ගුරුවරුන් 150ක් පමණ විරෝධතාවයක නිරත වුණා.

මෙම තත්වය හමුවේ බලධාරීන් නිහඬව සිටින බවයි විරෝධතාවයේ නිරත ගුරුවරුන් චෝදනා කර සිටින්නේ.

විරෝධතාකරුවන් පැය 02ක පමණ කාලයක් ඇඹිලිපිටිය නගරයේ විරෝධතාවයේ නිරතව තිබෙනවා.

දරුවන්ගේ විනය සැදිමට ගිය ගුරුවරියකට දඬුවම් ලබාදි අසරණ කිරිම සමග විවිධ අනවශ්‍ය කටයුතු පවරමින් ගුරුවරුන් අසහනයට පත්කිරිම හමුවේ රටේම ගුරුවරුන් විනය කමිටු ඇතුළු අනෙකුත් බාහිර කමිටු සැදිම හා ක්‍රියාත්මක කිරිමෙන් ඉවත්ව ඉගැන්විම පමණක් සිදුකරන බවත් ඔවුන් කියා සිටියා.

මෙම විරෝධතාවයේ නිරතව ඇත්තේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් පිරිසක් වන අතර ඔවුන් කියා සිටියේ ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග වලට යොමුවීමට සිදුවන බවයි.

Exif_JPEG_420
Exif_JPEG_420

සුනිල් හරිස්චන්ද්‍ර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here