Home Local යාපනයේ මාර්ග අධිකාරිය නාගදීපයට යන පාර වරද්දයි

යාපනයේ මාර්ග අධිකාරිය නාගදීපයට යන පාර වරද්දයි

608
0

නාගදීපයට ගමන් කරන මාර්ගයේ නිසි ආකාරයෙන් මංසලකුණු ඇතුළත් නාමපුවරු සවිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ඉඩ ලබානොදීම හේතුවෙන් එහි යන බැතිමතුන්ට නියමිත මාර්ගය සොයා ගැනීමට නොහැකිව අතරමං වන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වනවා.

යාපනයේ කයිට්ස් මාර්ගයේ අරාලි හන්දියෙන් වමට හැරී නාගදීපයට ගමන් කළ යුතු වුවත් එහි මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සවි කර ඇති නාමපුවරුවේ සඳහන් වන්නේ නාගදීපය නාග විහාරයට යනුවෙනුයි.

එහෙත් නාග විහාරය යාපනය නගරයේ පවතින නිසා බැතිමතුන් කයිට්ස් මාර්ගයේ ඉදිරියට ගමන් කරනු ලබනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාගදීප රජමහා විහාරාධිපති නවදගල ඥානකිත්ති හිමියන් පැවසුවේ තමන් වහන්සේ ඒ හේතුවෙන් ඉදිකළ නිවැරදි නාම පුවරුව කිසියම් පිරිසක් විනාශ කළ බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

”ඒ සම්බන්ධයෙන් කයිට්ස් පොලිසියට පැමිණිල්ලක් දැම්මා. පසුව කයිට්ස් අධිකරණයට සිද්ධිය ගියා. මහෙස්ත්‍රාත්වරයා මාර්ග සංවර්ධන අධිකාරියට නියෝග කළා හරි මාර්ග සලකුණු සවිකරන්න කියලා. නාගදීපය නාගවිහාරය කියලා තමයි හරියට කියන්නේ කියලා මාර්ග සංවර්ධන අධිකාරිය කියනවා. දැන් මාස ගණනක් වෙනවා අධිකරණ නියෝගය දීලා තාමත් ඒක ක්‍රියාත්මක කළෙත් නෑ. අපිට හරි නාමපුවරුව ගහන්න දෙන්නෙත් නෑ. මේ නිසා ඇතැම් බැතිමතුන් කයිට්ස්වලට යනවා” යැයි උන්වහන්සේ සඳහන් කර සිටිනවා.

චමින්ද සේනාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here