වත්මන් පරපුරේ ගායන ශිල්පිනියක ලෙස බොහෝ දෙනාගේ සිත් දිනාගත් අභිෂේකා විමලවීර රූපලාවන්‍ය ක්ෂේත්රයේද නමක් දිනා සිටිනවා.
ශාස්ත්‍රීය වශයෙන් සංගීත කටයුතු වල නිරතව සිටි ඇය මෑතකාලීනව සිදුකරන ලද ගීත නිර්මාණ ඔස්සේ දැඩි සේ කතාබහට ලක්වුණා.
වෘත්තිම ජීවිතය තුළ තරමක් නිහඬ ගමනක් යන අභිෂේකා හදිසියේම සිය කලා ජීවිතයට සමුදීමට තීරණය කර තිබෙනවා.
ඇය ඒ බව සිය මුහුණු පොත හරහා තම ආදරය දිනාගත් රසික ප්‍රජාවට දැනුම් දෙනු පිණිස මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.
එම සටහන පහතින්.
සියලු කලා කටයුතු වලින් බැහැර වන්නට තීරණය කළෙමි.තාත්තාගේ හීනය පමණක් හැබෑ කරවීමට වෙර දරමි.
මෙතෙක් කල් මාගේ නිර්මාණ අගයමින් මා දිරි ගැන්වූ මටත් වඩා මාගේ හඩට ආදරය කළ ඔබට අනේක වාරයක් ස්තූතියි.
අභිෂේකා විමලවීර!
