Home Local මෙට්ටවල සඟවා ගෙනා විදෙස් මත්පැන් තොගයක් හසුවෙයි

මෙට්ටවල සඟවා ගෙනා විදෙස් මත්පැන් තොගයක් හසුවෙයි

300
0

සුඛෝපභෝගී මෙට්‌ට තුළ සඟවා මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කර තිබූ රුපියල් ලක්‌ෂ 10කට අධික වටිනා විදේශීය මත්පැන් තොගයක්‌ සමග සැකකරුවකු සුරාබදු දෙපාර්තමේන්තු අපරාධ අංශයේ නිලධාරීන් විසින් පසුගිය 14 වනදා මාරවිල මූදුකටුව ප්‍රදේශයේදී අත්අංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වසර 16ක් සිට ඉතාලියේ ස්‌ථිර පදිංචිව සිටින්නකු බවත්, නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් මේ ආකාරයෙන් ඉතාලියේ සිට නියමිත තීරුබදු නොගෙවා විදේශීය මත්පැන් ගෙනවිත් අලෙවි කිරීම සිදුකර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

සුරාබදු නිලධාරීන් විසින් සැකකරුගේ මාරවිල මූදුකටුව ප්‍රදේශයේ මත්පැන් බෙදාහරින ස්‌ථානය වටලන විටත් විදෙස් මත්පැන් තොගයක් මෙට්‌ට තුළ සූක්‍ෂමව සඟවා තිබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම මත්පැන් තොග අත්අඩංගුවට ගෙනඇති අතර එහි බෝතල් 100කට අධික ප්‍රමාණයක්‌ තිබී ඇතැයි සුරාබදු නියෝජ්‍ය කොමසාරිස්‌ කපිල කුමාරසිංහ සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here