Home Local බාහිර පන්තියක් තුළ මත්පැන් පානය කළ සිසුන් තිදෙනෙකු පොලිස් භාරයට

බාහිර පන්තියක් තුළ මත්පැන් පානය කළ සිසුන් තිදෙනෙකු පොලිස් භාරයට

327
0

හැටන් ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන බාහිර පන්තියක් තුල මත්පැන් පානය කරසිටි පාසල් සිසුන් තිදෙනෙක් අද (16) හැටන් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙවර අ.පො.ස. සාපෙල විභාගයට පෙනි සිටිමට නියමිත මෙම සිසුන් තිදෙනා හැටන් නගරයෙන් අධික මිලකට වු විශේෂ මත්පැන් බෝතලයක් මිලදි ගෙන බාහිර පන්තියට කලින් නියමිත වේලාවට පෙර පැමිණ මිලිලිටර් 750ක මත්පැන් බෝතලයෙන් 95%ක ප්‍රමාණයක් පානය කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

බාහිර පන්තිය ආරම්භවී මද වේලාවකින් පසු පාසල් සිසුන් තිදෙනා බාහිර පන්තිය තුල වමනය කිරිම හේතුවෙන් සැක සිතු එම බාහිර පන්තිය පවත්වාගෙන යන විහාරස්ථානයේ හිමිනම විසින් හැටන් පොලිසියට කරන ලද දැනුම් දිමක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම විහාරස්ථානයට ගොස් පාසල් සිසුන් තිදෙනා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මත්පැන් පානය කර සිටි පාසල් සිසුන් තිදෙනාගෙන් එක් සිසුවෙකුගේ බැගය තුල මත්පැන් බොතලය සහ ප්ලාස්ටික් කොප්පයක්ද කටගැස්මක්ද තිබු බවයි පොලිසිය පැවසුවේ.

වයස අවුරුදු 15 -16 වයස් කාණ්ඩවල පසුවන මෙම සිසුන් තිදෙනා පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ දැඩි ලෙස වෙරි මතින් සිටි බවත්, මෙම බාල වයස්කාර පාසල් සිසුන් තිදෙනාට මත්පැන් අලෙවි කල හැටන් නගරයේ රටබිම මත්පැන් වෙළදසැලක කළමණාකාරවරයාද සැකපිට අත්අඩංගුවට ගන්නා බවයි හැටන් පොලිසිය පැවසුවේ.

පොලිස්භාරයට ගැනුනු පාසල් සිසුන් තිදෙනා වෛද්‍ය පරික්ෂණයෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කර සිටියා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here