Home Local තේ වත්තක සැරිසැරූ දැවැන්ත දිවියෙක් මන්දකට හසුවී මියයයි – PHOTOS

තේ වත්තක සැරිසැරූ දැවැන්ත දිවියෙක් මන්දකට හසුවී මියයයි – PHOTOS

717

හැටන්, දිඹුල පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරු දැවැන්ත දිවියෙකු අද (16) අලුයම මන්දකට හසු වි මියගොස් ඇති බව දිඹුල පොලිසිය පවසනවා.

කිසියම් පිරිසක් වල් ඌරන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකටයි මෙම දිවියා හසු වි ඇත්තේ.

ස්ටොනික්ලිප් වතුයායේ විශාල වශයෙන් පසුගිය කාලයේ දිවියන් සැරිසැරිම නිසා වන ජිවි නිලධාරින් තේ වත්තේ සැරිසැරු දිවියන් රක්ෂිත වලට පලවා හැරිමට විශාල මෙහෙයුමක්ද සිදුකරනු ලැබුවා.

වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයන් දඩයම් කිරිම සදහා පැමිණි දිවියෙකුයි මෙසේ මන්දට හසු වි මි ගොස් ඇත්තේ.

අඩි 4ක් පමණ දිගකින් සහ අඩි 3ක් පමණ උසකින් යුත් හොදින් වැඩුණු මෙම දිවියාගේ උදරය මන්දට හසු වි ඇති අතර මන්දෙන් බේරිම සදහා දිවියා උත්සහ කල අවස්ථාවෙදී දිවියා එම මන්දට හිර වි මිය ගිය බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

මිය ගිය දිවියා මිට ප්‍රථම මෙවැනි මන්දකට හසු වි ඉන් බේරි ඇති බව දිවියාගේ ගෙල වටා ඇති තුවාලයකින් තහවුරු වන බව වනජිවි නිලධාරින් සඳහන් කර සිටිනවා.

මිය ගිය දිවියා සම්බන්ධයෙන් දිඹුල පොලිසිය සහ නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් වෙන් වෙන්ව පරික්ෂණ පවත්වන අතර මිය ගිය දිවියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා උඩවලව පශු සම්පත් රෝහලේ වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි වන ජිවි නිලධාරින් සඳහන් කර සිටියේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here