Home Local මධූෂ් ඇතුළු පිරිස නිරීක්ෂණයට ඩුබායි සංවිධානයක්

මධූෂ් ඇතුළු පිරිස නිරීක්ෂණයට ඩුබායි සංවිධානයක්

320
0

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මධ්‍යම පොලිස් ස්ථානයේ රඳවා සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු කණ්ඩායම වෙනුවෙන් ඩිටේන් ඉන් ඩුබායි සංවිධානය (ඩුබායිහි ඳී රඳවාගැනීම නිරීක්‍ෂණය කිරීමේ ආයතනය) ඉදිරිපත් වී තිබෙනවා.

මේ බව ඩුබායි නුවර ශ‍්‍රී ලාංකික ආරංචි මාර්ග ඊයේ (14) හෙළි කරනු ලැබුවා.

මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව අත්අඩංගුවට ගන්නා විදේශිකයන් පිළිබඳව ඩුබායි පොලිසියට චෝදනා එල්ල වී ඇති අතර, විමර්ශන නිසිලෙස සිදු නොවීමෙන් එම ජාවාරමට සම්බන්ධ නොවූවන්ට පවා සිරගත වීමට සිදු වී ඇතැයි ඩිටේන් ඉන් ඩුබායි සංවිධානය හෙළිකර තිබෙනවා.

මත්ද්‍රව්‍ය නඩුවක් ගැන පරීක්‍ෂා කිරීමට ඩුබායි පොලිසියට මාස 06කට අධික කාලයක් ගතවන බව ඩිටේන් ඉන් ඩුබායි සංවිධානය කියා සිටිනවා.

එසේම අරාබි භාෂාවෙන් ලියාගන්නා පැමිණිල්ලට සහ කටඋත්තර වලට බලහත්කාරයෙන් අත්සන් ගන්නා බවයි ඩුබායි පොලිිසියට චෝදනා එල්ල වී ඇත්තේ.

කීර්ති වර්ණකුලසුරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here