Home Hit ”පළාත් සභා එපානම් කරුණාකර ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න” – මැතිවරණ කොමසාරිස්

”පළාත් සභා එපානම් කරුණාකර ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න” – මැතිවරණ කොමසාරිස්

595
0

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය ලබාගැනීමට සටන් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා.

පැෆරල් සංවිධානයේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ (14) කොළඹදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

ඉදිරියේදී මුලින්ම පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය බවයි ඔහු එහිදී කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස්වරයා,

‘‘ඡන්ද විමසීම් නිසි කලට පවත්වා ගැනීම ගැන අද ප‍්‍රශ්නයක් වෙලා. මොකටද පළාත් සභා කියලත් සමහරු අහනවා. පළාත් සභා එපානම් කරුණාකර ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න. ඉදිරියේදී මුලින්ම තැබිය යුත්තේ පළාත් සභා ඡන්දයයි. නොවැම්බර් මස 10 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා ඡන්දය ලබ ගැනීමට අපි සටන් කරනවා. එදාට කලින් අපි අස්වෙන්නේ නෑ. එතෙක් අපි බලා සිටිනවා.’’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here