ක්‍රීඩා ඇමැතිවරු වශයෙන් පත්වන ඇමැතිවරුන්ට ක්‍රිකට් ගැන ඇතිවන්නේ පුදුම කිරිපණුගායක්’ යැයි හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා ඊයේ (14) පවසන ලදී.. ඔහු මේ ගැන පවසා හිටියේ තිලංග සුමතිපාල මහතාගේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.
‘‘මේ ඕන නැති ඒවා තමුන්ගේ ඇඟේ දාගන්නේ ඇමැතිවරු.‘‘
‘‘ක්‍රිකට් කිව්වම මේ අයට තියෙන්නේ පුදුම කිරිපණුගායක්නේ. අපේ පැත්තෙන් ක්‍රීඩා ඇමැතිධුරවලට පත් චෙච්චි ඈයොන්ටත් එහෙමයි. දැන් ඉන්න ඈයොන්ටත් එහෙමයි.‘‘
‘‘අපේ ෆයිසර් මුස්තාපාටත් කිරිපණුගාය ඔළුවෙනුත් ආවා.‘‘
‘‘ක්‍රිකටර්ස්ලාටයි ක්‍රිකට් සමාජවලටයි ඒක කරගෙන යන්න දෙන්න ඕනෑ. ක්‍රිකට් සමාජවලට මොකක්ද මේ හැදිලා තියෙන ලෙඩේ. ?‘‘
‘‘අපේ අයටත් ඒ ලෙඩේ තියෙනවා අනෙක් අයටත් තියෙනවා.’‘ යැයි දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය .
ආරියරත්න රණබාහු