Home World ට්‍රම්ප් හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට සැරසෙයි

ට්‍රම්ප් හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට සැරසෙයි

687
0

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අමෙරිකා – මෙක්සිකෝ දේශසීමාව හරහා ප්‍රාකාරයක් බැඳීමට අරමුදල් සම්පාදනය කිරිමට සැලසුම් කර ඇති බවයි ධවල මන්දිරය ප්‍රකාශ කරන්නේ.

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය දේශසීමාව හරහා ප්‍රාකාරයක් බැදීමට මුදල් ලබාදීමට විරුද්ධවීමත් සමඟයි මේ සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිවූයේ.

හදිසි තත්ත්වය හා ජනාධිපති බලතල භාවිතා කර මුදල් උපයා ගැනීමට ට්‍රම්ප් බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

දේශසීමාව හරහා ප්‍රකාරයක් බැඳීම අමෙරිකානු ජනාධිපතිවරයා බලයට පැමිණිමට පෙර ලබාදුන් පොරොන්දුවක් ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here