Home Hit කාශ්මීරයේ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 40ක් මරුට

කාශ්මීරයේ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 40ක් මරුට

374
0

ඉන්දු කාෂ්මීරයේ පොලිස් නිලධාරීන් පිරිසක් රැගත් බස් රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයෙන් ඉන්දීය මධ්‍යම ආරක්ෂක පොලිස් බලකා නිලධාරීන් 40 දෙනෙකු මියගොස් ඇති අතර පොලිස් නිලධාරීන් 2500ක් රැගත් රථ 78ක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350 ක් පැටවූ මොටර් රථයක් අදාළ රථ පෙළ සමග ගැටීමට සැලැස්වීමෙන්.

පාකිස්ථානයේ ජායිශ් ඊ මොහොමඩ් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රහාරය දැඩිසේ හෙළා දකිමින් ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ පාකිස්ථානය ත්‍රස්ත සංවිධානවලට සහය දැක්වීම වහා නැවැත්විය යුතු බවයි.

ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත සංවිධානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්බාධක පැනවිය යුතු ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසද ඉන්දියාව එම නිවේදනය මගින් පාකිස්ථානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙම ප්‍රහාරය දැඩි සේ හෙලා දකිමින් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබෙනවා.

එහි දැක්වුණේ මිය ගිය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් සමග සමස්ත ඉන්දියානුවන්ම උරෙන්උර සිට මේ මොහොතේ ඔවුන්ට ශක්තියක් විය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here