Home Local උසස් පෙළ අයදුම්පත් භාරගැනීමේ කාල සීමාවේ වෙනසක් නෑ

උසස් පෙළ අයදුම්පත් භාරගැනීමේ කාල සීමාවේ වෙනසක් නෑ

521
0

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත සඳහන් කර තිබෙනවා.

පාසල් අයදුම්කරුවන් සඳහා අදාළ අයදුම්පත් මේ වන විට විදුහල්පතිවරුන් වෙත යවා ඇති අතර පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් බාර ගැනීම මේ මස 25 වනදායින් අවසන් වනු ඇති.

පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අදාළ ආදර්ශ අයදුම්පතප 13 වනදා ජාතික පුවත්පත්වල පළ කර ඇති අතර දෙපාර්තමෙන්තු නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙබ් අඩවියෙන්ද බාගත කරගත හැකි බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් බාර ගැනීම අවසන් වන්නේ ලබන මස 01 වනදා බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

එමෙන්ම අයදුම්පත් භාරගැනීමේ කාලය කිසිදු හේතුවක් නිසා වෙනස් නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here