Home Entertainment සිර වී සිටි ප්‍රියා එළියට ඇවිත් කියූ දේ

සිර වී සිටි ප්‍රියා එළියට ඇවිත් කියූ දේ

691
0

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානය දිනාගත් තරුණියක් තමයි ප්‍රියා වරියර් (Priya Varrier) කියන්නේ.

ඇය දායක වූ සිනමා පටයක එක් දර්ශන කොටසක් සමාජ මාධ්‍ය තුළ පූර්ව ප්‍රචාරය වීමත් සමඟයි මෙලෙස ජනප්‍රියත්වයට පත්වුණේ.

ප්‍රියා රංගනයෙන් දායක වූ ”Oru Adaar Love” නම් එම සිනමාපටය අද (14) දිනයේ සිට තිරගතවනවා.

ආදරය සහ හාස්‍ය සපිරි මෙම සිනමාපටය දමිළ, මලයාලම්, තෙලිඟු, කන්නඩම් යන භාෂා ඔස්සේ තිරගත වන බවයි ප්‍රියා ඉන්දීය රූපවාහිනී සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කියා සිටින්නේ.

එහිදී ඇය මීට පෙර සිදුනොකළ අනාවරණයක් ද සිදුකර තිබෙනවා.

”චිත්‍රපටයේ ඇස් ගහපු කොටසෙන් පස්සේ මම ජනප්‍රිය වෙන්න ගත්තා. ඒත් එක්කම මගේ ගෙදර කට්ටිය බය වුණා. මොකද එයාලට මේක අලුත් අත්දැකීමක්. මට ජංගම දුරකථනය පාවිච්චි කරන්නටවත් දුන්නේ නැහැ. ගේ ඇතුලෙම තියාගෙන හිටියා.
ඒ මට කරදරයක් වෙයි කියලා එයාල හිතපු නිසයි. දැන් නම් ගැටලුවක් නැහැ.”
යනුවෙන් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here