Home World ලොව අමානුෂිකම මරණයට හිමිකම් කිවූ දරුවා

ලොව අමානුෂිකම මරණයට හිමිකම් කිවූ දරුවා

2682
0

විසිවෙනි සියවසේ ඇමරිකාවේ මරණ දඬුවම ලබා දුන්න ලාබාලම දරුවා වන්නේ ජෝර්ජ් ජුනියස් ස්ටිනි.ඒ මරණය අනිත් සියලු මරණ වලට වඩා අදටත් සමාජයේ කතා වෙන මරණයකි.ඒ 1944දි විදුලි පුටුවේ හිඳුවා ජෝර්ජ්ව අමානුෂික ලෙස නීතියේ නාමයෙන් ඝාතනය කරන විට ඔහුට වයස 14ක් වුවා පමණි .

ඔහුට එල්ලවුණු චෝදනාව වුනේ වයස අවරුදු 11ක සහ 7ක කුඩා ගැහැණු දැරිවියන් දෙදෙනෙකු ඝාතනය කිරිමයි .

දකුණු කැරොලිනා අධිකරණය වසර 70කට පසු නැවත 2014දි මෙම නඩුව ව්වෘත කර ඇසීමට තීරණය කරන ලදී . එහිදී තීරණය වුනේ ජෝර්ජ් නිර්දෝෂීභාවයි . මෙහිදී නඩුව විභාග කල කැමරන් මුලන් නඩුකාරතුමිය කියා සිටියේ ජෝර්ජ්ගේ පාපොච්චාරණය ඔහුව බිය වද්දවා ලබා ගත් එකක් බවත් නඩු විභාගය සම්පූර්ණ ලෙස වැරදි සහගත ලෙස පවත්වා ඇති බවත් එම නිසා ජෝර්ජ්ට ලබා දුන් දඬුවම කෘර සහ අමානුෂික එකක් බවය .

එකල අත්අඩංගුවට පත් ජෝර්ජ්ව ඔහුගේ නිවසින් කිලෝමීටර 80ට ඈතින් රඳවා තැබු අතර දින 81ක් ඔහුව රඳවාගෙන ප්‍රශ්න කළේය . එම කාලය තුල ජෝර්ජ්ට ඔහුගේ දෙමව්පියන්ව බැලීමටද කිසිදිනක අවස්තාවක් ලැබුනේ නෑ.

නඩු විභාගයට ගන්න සැම අවස්ථාවේදීම ජෝර්ජ් අත බයිබලයක් තිබුනි . එයත් අතතිව කඳුළු සලමින් ජුරි සභිකයන් වූ සුදු ජාතිකයන් ඉදිරියේ නිහඬව ඔහු ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කළේය . තවද අධිකරණ ශාලාවේ මිනිසුන් දහසකට අධික පිරිසක් සිටියත් ඒ අතරින් කිසිවෙක් කළු ජාතිකයකු නොවිය.මන්ද අධිකරණයට කිසිදු කළු ජාතිකයෙකුට ඇතුල් වීමට අවසර ලබා දුන්නේ නෑත . නඩු විභාගය පැය දෙක හමාරක් පැවතුන අතර පුංචි ජෝර්ජ් වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීමක්වත් ඔහු වෙනුවන් සාක්ෂි කරුවන් ගෙන්නවීමක්වත් සිඳුනොවුනි . අවසානයේ ජුරි සභාව විසින් ජෝර්ජ්ව වරද කරුවෙකු බවට තීරණය ලබා දෙන ලදී .

1944 ජුනි මස 16 වෙනිදා රාත්‍රී 7.30 ට කුඩා ජෝර්ජ් ජුනියස් ස්ටිනි විදුලි පුටුවේ හින්දවා මරා දැමීමට සියල්ල සුදානම් වුනා. උස අඩි 5 යි අඟල් 1ක් සහ බර කිලෝග්රෑම් 40 ක් වුනු මේ කුඩා දරුවාට වැඩිහිටියන් වෙනුවෙන් නිර්මාණය කර තිබුණු ඉල්ක්ට්‍රොඩ සහිත මුහුණු ආවරණය ඔහුට ගැලපීමට නිළධාරීන් මහත් වෙහෙසක් ගත්හ . විනාඩි හතරක් පුරා ඔහුගේ හිසට එල්ල කරන ලද 2400v ක විදුලි සැර කුඩා ජෝර්ජ්ට තව දුරටත් දරාගෙන ඉන්න හයියක් තිබුනේ නැති බැවින් අවසානයේ අවාසනාවන්ත ලෙස ඔහු ලොව හැර ගියේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here