Home Local පිටුවහල් කළ ලාංකිකයින් පිරිසක් කටුනායකට

පිටුවහල් කළ ලාංකිකයින් පිරිසක් කටුනායකට

343
0

ප්‍රංශයට අයත් යටත් විජිතයක් වන ” රී – අයිලන්ඩ් ” වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (14) සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාව වෙත එවා තිබෙනවා.

රී – අයිලන්ඩ් දූපත , අප්‍රිකානු මහාද්වීපයේ මැඩගස්කර් දූපත ආසන්නයේ පිහිටා තිබෙන්නෙකි .

මෙම පිරිස මුහුදු මගින් රී – අයිලන්ඩ් දූපත වෙත ගොස් එරටට ඇතුළු වී සිටියදී ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙසේ පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.

මොවුන් ප්‍රංශයට අයත් බෝයිං – 737 – 800 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් අද පස්වරු 2.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

පිරිස අතර පිරිමි පුද්ගලයන් 54ක්, කාන්තාවන් 06 ක් සහ කුඩා ළමුන් 04 ක් ද සිටින අතර ඔවුන් යාපනය , මීගමුව සහ හලාවත ආදී ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස සමග මෙම ගුවන් යානය තුළ ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් 70 දෙනෙකු ද පැමිණ ඇති අතර මෙම ගුවන් යානය පස්වරු 4.30 ට පමණ ආපසු පිටත්ව ගොස් තිබෙනවා.

පිටුවහල් කළ ලාංකිකයන් මෙරටට ගෙන ඒම ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය මගින් සංවිධානය කර තිබූ අතර , කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත මුළින්ම භාර දී තිබෙනවා.

අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් ජාතික රහස් ඔත්තු සේවයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here