Home Local එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් උතුරු ආණ්ඩුකාර හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් උතුරු ආණ්ඩුකාර හමුවෙයි

256
0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත හනාසිංගර් මහත්මිය හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් අතර සාකච්ජාවක් ඊයේ (13) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණා.

උතුරු පළාතේ යුද්ධයෙන් අවතැන් ජනතාවගේ වර්තමාන තත්වය, ඉන්දීය සරණාගත කදවුරු තුළ ජිවත්වන උතුරු නැගෙනහිර ජනතාව සම්බන්ධයෙන් ද මෙම සාකච්ජාවේදි අදහස් හුවමාරු කර ගනු ලැබුවා.

උතුරු පළාතේ වර්තමාන සංවර්ධන කටයුතු, උතුරු පළාතේ ආරක්ෂක තත්වය හා උතුරු පළාතේ ආරක්ෂක අංශ සතු සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද දෙපාර්ශවය එහිදි සාකච්ජා පවත්වනු ලැබුවා.

සාකච්ජාවන් වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එන්.ඉලන්ගෝවන් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here