Home Business ඇමති සහෝදරයෝ ලංකා නමින් කුරුඳු ගම්මිරිස් ප්‍රතිඅපනයට කළා

ඇමති සහෝදරයෝ ලංකා නමින් කුරුඳු ගම්මිරිස් ප්‍රතිඅපනයට කළා

767

ශ්‍රී ලංකාවට කුළු බඩු ආනයනය කිරීම තහනම් කිරීම ‘අස්සයා ගිය පසු ඉස්තාලය වැසීම’ වැනි වැඩක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ අද (14දා) අදහස් දක්වමින් ප්‍රකාශ කළේය .

“කුරුදු ගම්මිරිස් වසාවාසී ඇතුළු දේවල් ආනයනය නතර කරන්න කැබිනට් පත්‍රිකාවක් දාන බව පුවත් පත් වාර්තා කරලා තියෙනවා. වසර හතරක් තිස්සේ දේශීය ගොවියාට කරන්න තියෙන හානිය කරලා වසර හතරකට පස්සේ අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ දැන් කියනවා ආනයනය සම්පූර්ණයෙන් අත් හරිනවාලු.

ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරු තමුන්ගේ සහෝදරයින් ළවා කුරුදු ගම්මිරස් ගෙනත් ලාංකීය නාමයෙන් ප්‍රති අපනයනය කරනවා . එමගින් ශ්‍රී ලාංකීය වෙළද නාමය විනාශ වෙනවා . අනෙක් පැත්තෙන් ගොවියා අනාත කරලා දැම්මා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here