Home Local වතු සමාගම් මෙහෙය වූ තේ දළු නෙලීමේ තරඟ – PHOTOS

වතු සමාගම් මෙහෙය වූ තේ දළු නෙලීමේ තරඟ – PHOTOS

574
0

තේ වතු ආශ්‍රිතව වැඩ කරන වතු කම්කරුකරු කාන්තාවන්ව දිරි ගැන්විම සදහ සහ ඔවුන් තවදුරටත් තේ කර්මාන්තයේ රැකියාවල රදවා ගැනිම සදහා තේ වතු සමාගම් විසින් තේ දළු නෙලිමේ තරග පවත්වමින් විවිධ වැඩ සටහන් දියත් කර තිබෙනවා.

මෙම වැඩසටහනට සමගාමිව කැළනිවැලි සමාගමට අයත් බගවන්තලාව රොබ්ගිල් වත්තේ වතු කම්කරු කාන්තාවන් අතර තේ දළු නෙලිමේ තරගයක් පවත්වා එම තරගයෙන් ජය ලැබූ වතු තම්කරු කාන්තාවන්ට තෑගී මුදල් සහ පදක්කම් පැළද විමේ වැඩසටහනක් එම වතු යායේ වතු අධිකාරි ඉන්ද්‍රගාලි ආරච්චි ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්වුණා.

එම වතු යායේ හොදින් තේ දළු නෙළන වතු කම්කරු කාන්තාවන් 09 දෙනෙකු තොරාගෙන තේ වත්තේ හොදින් තේ දළු වැඩුණු ඉඩමක විනාඩි 30ක කාලයක් තුල ප්‍රමිතියට අනුව වැඩිම තේ දළු නෙළන කාන්තාවන් තිදෙනා තෝරා තෑගී මුදල් සහ පදක්කම් පිරිනැමීම සිදුකරනු ලැබුවා.

මෙම තරගයේ පළමු ස්ථානය එම වතුයායේ එස්.කමලේෂ්වරි විසින් හිමි කරගත් අතර ඇය විසින් විනාඩි 30ක කාලයක් තුල අමු තේ දළු කිලෝ4 ග්රුම් 380ක් නෙලාගනිමින් ලකුණු 94ක්ද ලබාගත් අතර, දෙවන ස්ථානය කිලෝ 3 ග්රුම් 850ක් නෙලා ගනිමින් ලකුණු 93.66 හිමිකරගත් එස්.මංජුලා විසින් දෙවන ස්ථානය දිනාගත් අතර තෙවන ස්ථානය එම වතුයායේ එස්.තෙයිවානේ විසින් කිලෝ 4 නෙලා ගෙන ලකුණු 93.11 ලබාගනිමින් තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

මෙම තරගයෙන් ජයග්‍රහනය කල තිදෙනාටම මුදල් තෑගී ලබාදුන් අතර පළමු ස්ථානය ලබා ගත් එස්.කමලේෂ්වරි ඇතුළු පවුලේ සැමට එක් දිනක් තුල දිවයිනේ ඕනැම ස්ථානය සංචාරය කිරිමට අවශ්‍ය මුල්‍ය අනුග්‍රහය දැක්විමට වතු පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

මෙම තරගාවලිය මේ වසරේ අවසන් කාර්තුවේදි අනතර් වතු සමාගම් අතර පැවැත්විමට තේ වතු සමාගම් තිරණය කර ඇති අතර අද පැවති මෙම තරගය එම වතු යායෙදී අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබුවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here