Home Local වතු කම්කරු වැටුපට නව දීමනාවක් – ඇමති පලනි දිගම්බරම්

වතු කම්කරු වැටුපට නව දීමනාවක් – ඇමති පලනි දිගම්බරම්

544

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දමිල ප්‍රගතශිලි සන්ධානය රජය සමග පැවැත් වු සාකච්ඡා වලින් සාර්ථක ප්‍රගතියක් ලැබි ඇති බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් පවසනවා.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යය පලනි දිගම්බරම් කියා සිටියේ වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර වතු කම්කරුවනගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පසුගියදා වසර දෙකකට බල පැවැත්වෙන සේ අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම අනුව වතු කම්කරුවෙකුට රු 20 වැටුපක් පමණක් බවයි.

එම වැටුප ප්‍රමාණවත් නොවිම හේතුවෙන් අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබා දිම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක, කම්කරු අමාත්‍යය රවින්ද්‍ර සමරවිර සහ දමිල ප්‍රගිතශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් සමග ඊයේ (12) පස්වරුවේ කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යයංශයේදි පැවති සාකච්ඡාවේදි මෙවර අයවැය මගින් වතු කම්කරුවෙකුට දිනක වැටුපට අමතරව නව දිමනාවක් ලබාදිමට එකගතාවයක් ඇති කර ගත් බව අමාත්‍යය පලනි දිගම්බරම් පැවසුවා.

වතු කම්කරුවෙකුට නව අවබෝධතා ගිවිසුම අනුව දිනකට ගෙවිමට නියමිත රු 750 වැටුපට අමතරව රජය මගින් තවත් දිමනාවක්ද ගෙවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පළමු වසර තුල එම වැටුප රජයෙන් ලබා දි දෙවන වසර තුල වතු සමාගම් ප්‍රතිසංස්කරණයකට ලක් කිරිම කෙරෙහිද මෙම සාකච්ඡාවේදි එකගතාවය ඇති කරගෙන තිබෙනවා.

අයවැයෙන් වතුකම්කරුවන්ට ලබාදිමට නියමිත දිමනාව හිග වැටුප සමග ලැබෙන බවත් එම වැටුප ලබා ගැනිමට දමිල ප්‍රගිතශිලි සන්ධානය රජය සමග සාකච්ඡා පවත්වා ලැබු විශාල ජයග්‍රහනයක් බවත්, වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර අත්සන් කෙරුණු නව අවබෝධතා ගිවිසුම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරිමට නොහැකි බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

නව අවබෝධතා ගිවිසුම සහ රජය මගින් අයැවැයෙන් ලබාදිමට නියමිත දිමනාව සමග වතු කම්රුවෙකුට දිනකට රු 800 ඉහල වැටුපක් ලබා දිමට නියමිතයි.

මෙම සාකච්ඡාවට දමිල ප්‍රගිතශිලි සන්ධානයේ අමාත්‍යය මනෝ ගනේෂන් ,කැබිනට් නොවන අමාත්‍යය වි රාධාක්‍රිෂ්නන් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මයිවාගනම් තිලකරාජ්, බදුල්ල දිස්ත්‍රික් පා.ම අර්වින්ද කුමාර් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here